විශ්ව කර්ම දෙවිපුතුන් මහා සෑයට රිදී පහළ කළ ස්ථානය මෙන්න

මෙවර අපි හිතුවා හැමදාම යන තැන් වලින් ටිකක් වෙනස් වෙිලා වෙනස්ම තැනකට යන්න. එකට අපි තෝරා ගත්තේ එදා අපේ දුටු ගැමුණු රඡතුමා ඉදිකල රුවන්වැලි සෑය නිර්මානය කරන්න රිදි සපයපු හරි අපුරු විහාරයක් . ඒ තමයි කුරුණෑගල රිදිගම තියෙන රිදිවිහාරය. උඩරට රාඡධානියේ සමහර පන්සල් වලට රඡ්ඡුරුවන්ගේ අනුග්‍රහය වැඩියෙන් ලැබුනා . ඉතින් එහෙම අනුග්‍රහය ලැබුනු වෙිහෙර විහාර වලට කිවිවෙි රඡමහා විහාර කියලා අද අපි යන්න මෙි ලෑස්ති රිදිවිහාරයත් අන්න ඒ වගේ රඡමහා විහාරයක් තමයි. කුරුණෑගල ඉදන් මහනුවර මාර්ගයේ කි.මි 3ක් විතර පැමිනි පසු හමුවන මල්ලවපිටිය හන්දියෙන් වමට දිවෙන කැප්පිටිගල මාර්ගයේ කි.මි. 20 ක් පැමිනි පසු රිදිගම නගරයට ඹබට පැමිනෙන්නට පුළුවන්. රිදිගම නගරය පසුකර තවත් මිටර් 500 ක් පමන ඉදිරියට යත්ම රිදිවිහාරය කියලා සදහන් නාම පුවරුවක් ඹබට දැක ගන්නට ලැබේවි එම මන්සන්දියෙන් දකුණට දිවෙන මාර්ගය දිගේ කි.මි.2ක් ගමන් කල පසු රමනිය කදුමුදුනක් මත සුන්දරව පිහිටා තිබෙන රිදිවිහාරය දැක බලා ගන්න පුළුවන්.

අපිත් ඉතින් කුරුණෑගල ඉදන් ඹය කිවිව මාර්ගය දිගේ රිදිගමට ඇවිත් රිදිවිහාරයට යන මාර්ගයට සෙන්දු වුනා රිදිවිහාරයට යන මාර්ගය දිගේ ටික දුරක් ගමන් කරන විටම අපේ නෙත ගැටුනේ හරි අපුරු දසුනක් දෙසයි. රිදිවිහාරයට ගමන්කරන මාර්ගය දෙපස ගල්කුට්ටි මත තැබු විශාල මල්පෝච්චි වල අලංකාර ලෙස විවිධ මල් වර්ග සිටුවා තිබිම පරිසරයට එක්කලේ පුදුම සුන්දර දසුනක් තමයි. ඒ සුන්දරත්වයත් විදගෙනම අපි තව තවත් ඉදිරියට යත්ම අපේ නෙත ගැටුනේ තවත් එවැනිම සුන්දර දසුනක්. මෙනින් එහාට මාර්ගය වැටි තිබුනේ පුංචි වැවක බැම්ම මතිනුයි . එම මාර්යේ වම් පස වැවි තිබුණු කුබුක් ගස් වලින් එක් කල සිසිලස එක් කලේ පුදුම සනිපයක් තමයි . ඉතින් අපිත් ගමන් මහන්සිය නිවාගෙනම රිදිවිහාරයට යන අදහසින් ටිකක් මෙතන නතර වුනා. එකට ඉතින් වැව අයිනෙම විවෙික ගන්න බංකු ටිකක් දාලා ලස්සන තැනක් ඉදිකරලා තියෙනවා . වැවේ ඉන්න පාට පාට ලස්සන මාලු ටික වැව අයිනට ගියාම අපි ලගටම අවා ඹන්න. ඉතින් මාලු දිහා බලාන හිටියාම ඇතිවුනේ හිතට පුදම සැහැල්ලුවක් තමා. ගමන් මහන්සියත් නිවාගෙනම හිතත් සැහැල්ලු කරගෙන ඹන්න අපි රිදි විහාරයට පැමිනුනා.

රිදිවිහාරයට ආවට පස්සේ තමයි අපට දැන ගන්න ලැබුනේ අප පැමිනි විහාර මාර්ගය පැමිනෙන බැතිමතුන්ගේ නෙත් සිත් සනසන ආකාරයට ලස්සනට නිර්මානය කිරිම සදහා රදිවිහාරයේ නායක ස්වාමින් වහන්සේ වන පූඡ්‍ය තිබිබටුවාවෙි ශ්‍රි සිද්ධාර්ත බුද්ධරක්ඛිත නායක ස්වාමින් වහන්සේගේ අනුසාශනා මත රිදිවිහාර තරුණ බෞද්ධ සංගමයේ පරිසර හිතකාමි වැඩක් බව.පන්සලකට ගියාම ඉතින් නායක හාමුදුරුවෝ බැහැදැකලම යන එක හොදයි කියලා නායන ස්වාමින් වහන්සෙත් බැහැදැකලා අවසර අරගෙනම අපි මුලින්ම ගියේ රිදිවිහාරයේ තියෙන ප්‍රධාන විහාරය වැදපුදා ගන්න. රිදිවිහාරයේ ප්‍රධාන විහාරය පිහිටලා තියෙන්නේ විශාල ලෙනක් තුලයි . විහාරයට ඇතුල්වෙන ප්‍රධන දොරටුවට ඉහලින් ඇති විශාල ගල් බිත්තියේ සිතුවම් අදටත් දැක ගන්න පුළුවන්. එම සිතුවමුත් බලාගෙනම අපි ප්‍රධාන විහාරයට ඇතුල් වේලා බුදුන් වැදලාම විහාරය නිරික්ෂනය කරන්න පටන් ගත්තා.

ඇත්තටම මේ ප්‍රධාන විහාරය සම්පූර්නයෙන්ම පිහිටලා තියෙන්නේ විශාල ලෙනක් තුලයි . 18 රියන් සැතපෙන බුදුපිළිමය හොදින් නිරික්ෂනය කරන කෙනෙකුට දැක ගන්න පුළුවන් දෙයක් තමයි සිවුරක් සෑබෑවට ඇදගෙන සිටින විට රෑලි වැටෙන ආකාරයට නොව යම් රටාවකට රැලි දමා ඇති බව.විහාරය මැද විදුරු අල්මාරියක තැන්පත් කර ඇති රන් පිළිම වහන්සේ තමයි රිදි විහාරයේ ඇති වටිනාම පිළිම වහන්සේ. මේ රන් පිළිම වහන්සේ මෙතනට වැඩිය ආකාරය ගැන හරි අපුරු කතාවක් තමයි තියෙන්නේ.එදා දුටුගැමුණු රඡතුමාගේ කාලේ මෙි රිදිවිහාරය කිටිටුවෙන් මලය රටට පාරක් තිබිලා තියෙනවා.

මෙි හරහා නිතර ගැල් වලින් වේළදාමේ ගිහින් තියෙනවා .දවසක් වෙළදාමේ ආපු ගැල්කරුවො ගමන් මහන්සිය නිවාගන්නත් එක්ක රිදිවිහාරය ආසන්නයේ විවේක අරන් තියෙනවා. විවේක අරන් ආපහු යන්න ලෑස්ති වෙිලා බලන කොට ගොන්නු කිහිප දෙනෙක් ඉදලා නැහැලු. එ ගමන කිහිප දෙනෙක් හරක් හොයන්න කැලේට වැදිලා තියෙනවා . මේ අය පරක් වෙන කොට වෙළෙන්දත් කැලෙට ගිහින් තියෙනවා මෙයාලා හොයන්න.ඒ යන අතරේ තමයි වෙළෙන්දට පැණි වරකා ගෙඩ්යක් හමුවෙලා තියෙන්නේ. ඉස්සර ඉතින් මොනවා කෑවත් ඉස්සර වේලාම හාමුදුරුවන්ට දිලා කන පුරුද්දක් තිබුනනේ . වෙළෙන්දත් ඉතින් මේ පැණි වරකා ගෙඩ්යෙන් කොටසක් හාමුදුරු නමකට පුඡා කරන්න තිබුනනම් හොදයි කියලා හිතලා. ඹහොම හිතන කොටම රහතන් වහන්සේලා හතර නමක් වැඩලා තියෙනවා.

වරකා පිළිගන්වලා යන්න අවසර ඉල්ලුවාම ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ මෙන්න මේ පාරෙන් යන්න කියලා රිදි විහාරය අසලින් පාරක් පෙන්නලා. වෙළෙන්දා ඒ පාර දිගේ යන කොට තමයි දැකලා තියෙන්නේ ගල්ලෙනක් ඇතුලේ රිදි ඉල්ලමක් මතුවෙිලා තියෙනවා. දුටුගැමුනු රඡතුමත් රවන්වැලි සෑය හදන්න වස්තු නෑයි කියා කනස්සල්ලෙන් ඉන්න එකේ මේ වස්තු ලැබුනොත් සතුටු වෙයි කියලා රඡතුමාට මේ බව දන්වලා. එ ගමන සෙනෙවිවරු එවලා රිදි අරගෙන ගියාලු . ඉතින් මේ රිදි ලැබුනු සන්තෝසේටයි දුටුගැමුණු රඡතුමා මේ රිදිවිහාරය කරලා තියෙන්නේ . විහාරයේ වැඩ ඉවර වේලා ඉන්දියවෙන් හදවපු රන් පිළිම වහන්සේ නමක් අනුරාධපුරයේ ඉදන් පෙරහරින් රිදිවිහාරෙට වඩම්මලා තියෙනවා .අතර මගදි පිළිමෙි වඩම්මපු ගැල ගල් තලාවක් මතින් ගන්න බැරිව නතර වෙිලා තියෙනවා. ඒ වෙිලාවේ රඡතුමා බොහෝ කනගාටුවෙලා පිළිම වහන්සේ මෙතනින් ගෙනියන්න බැරි වුනොත් මම මැරුනත් මෙනින් යන්නේ නැහැ කියලා බිම දිගාවෙිලා තියෙනවා කියලා තමයි කියන්නේ.

මේ බව දැකපු ඉන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේ අධ්ෂ්ඨාන කරලා තියෙනවා පිළිම වහන්සේ විහාර මන්දිරයට වඩින ලෙස . ඒ ගමනරන් පිළිම වහන්සේ අහසින් අද වැඩ ඉන්න තැනට වැඩියා කියලා තමයි කියන්නේ.රිදි විහාරය කියන්නේ මහා රහතන් වහන්සේලා 500 ක් භාවනා යෝගිව වැඩ උන්න තැනක් රිදි විහාරය වැදපුදා ගන්න ආවොත් ඹබ හොදට නිරික්ෂනය කලොත් මහා විහාරය ඇතුලත තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ රුව සහිත පිගන් ගඩොල් කැට ව වගේම ඇත්දළ උළු වස්ස උඩ විහාරේ තියෙන ලංකාවේ ප්‍රසිද්දම මකර තොරන වගේම වරකා වැලදු විහාරයත් එක් කරන්නේ රිදි විහාරයට අමුතුම සුන්දරත්වයක් තමා. වරකා වැලදු විහාරය බැලු බැල්මට කෙනෙකුට සිතෙන්නේ මෙය හින්දු කෝවිලක ස්වරූපයයි . කැටයම් කරන ලද විශාල ගල් කණු අටක් මත ඉදිකල වරකා වැලදු විහාරය රිදි විහාරයේ අන්‍යතාවය විදහා පාන සන්කේතයක් ලෙසයි මටනම් පෙනි ගියේ.

රිදි විහාරය කියන්නේ සොභාසෞන්දර්ය විද ගන්නත් කියාපු තැනක් . සැරසුමි ගල මුදුනේ ඇති චෛත්‍ය වෙත ගමන් කරන්නකුට අවට පරිසරයේ සුන්දරත්වය විද ගන්න පුවවන් තැනක් තමයි. ඇටිපොල කන්ද , නැවිගල කන්ද,දොළු කන්ද,ඇතා ගල. වගේම අහස පැහැදිලි දවසට නකලස් කදුවැටියේ කරගහ තැන්න වගේම රිවස්ටන් කදු මුදුනත් දැක ගන්න පුළුවන්. එ වගේම තමා රිදි විහාරයත් වැදලා මේ පැත්තේ දවසක් දෙකක් ඇව්දලා යන්න තැන්නම් ඕන තරම් තියෙනවා . එකට ඉතින් නතර වෙන්න තැනකුත් එපැයි එ සදහා රිදි විහාරයේ විශ්‍රාම ශාලා දෙකක් තියෙනවා එකක් කාමර එක්ක තියෙන ව්ශ්‍රාම ගාලාවක් ඉතින් මේ පහසුකම් ඔබට දෙන්න නායක හාමුදුරුවෝ කිසිදු මුදලක් අය කරන්නේ නැති බව විශේෂයෙන් කියන්න ඕන.

පන්සලත් එක්ක බොහෝ විහාර වල තියෙන දෙයක් තමයි දේවාලය කියන්නේ. ඉතින් මෙි රිදි විහාරයෙත් එදා ඉදන් තිබුණු දෙයක් තමයි මේ කුමාරබන්ඩාර දේවාලය කියන්නේ. රිදි කන්දට අරක් ගත් කුමාර බන්ඩාර දෙවියන් රිදි විහාරය ආරක්ෂා කරන බවයි පැවසෙන්නේ . දෙවියන් වෙනුවෙන් රිදි විහාරය මගින් පවත්වන ඇසල පෙරහැර රිදිගමට එක් කරන්නේ පුදුම සුන්දරත්වයක් බවයි පැවසෙන්නේ. දළදා පෙරහැර බලන්න බැරිවුන කෙනෙකුට ඹන්න අවස්ථාව තියෙනවා අගොස්තු 18 වැනි දින රිදිගම නගරය පුරා විදි සංචාරය කරන රිදි විහාරයේ ඇසල පෙරහැර නරබන්න. එහෙනම් ඹබට ආරාධනා කරනවා රිදි විහාරයත් වැද පුදා ගෙන ඇසල පෙරහැරත් දැක බලා ගෙනම යන්න එන්න කියල ඇත්තටම අපේ මේ සංචාරය සාර්ථක කරගන්න විශේෂයෙන් උදවි කල දේතිලිඅංගේ ගුණානන්ද හිමියන් සිහිපත් කල යුතුයි.

සටහන – අනුර පල්ලමුල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *